1983 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් පසු ඔවුන් වාර්ෂිකව පවත්වන අප්‍රේල් විරු සමරුවද පැවත්වූයේ රහසිගතවය. නැවත 1989 සිට 1994 දක්වා ඔවුහු තම මියගිය සගයන් රහසිගතව සැමරූහ. ජනතා විමුක්ති පෙරමුණ රට තුළ ක්‍රියාත්මක කළ කැරළිකාරී වතාවරණය තුළ තම විරුද්ධවාදීන් ඝාතනය කරන ලද්දේ ඉතා බිහිසුණු ලෙසය. මරණයෙන් පසුව පවා තම ප්‍රතිවාදීයාගේ දේහය සම්බන්ධයෙන් පවා ක්‍රියාකළයුතු ආකාරය ඔවුන් විසින්ම තීරණය කරන ලදී. ඔවුන් තම ප්‍රතිවාදීයාගේ දේහය දණහිසක උසක මට්ටමකට වඩා ඔසවන්නට අවසර නොදෙන ලදි.
ඊට සමාන්තරව උතුරේ බිහිවූ එල්.ටී.ටී ව්යාපරයද තම ප්‍රතිවිරුද්ධ මතධාරීන් මරා දැමුවේ ඉතා බිහිසුණු ලෙසය. ජනතා විමුක්ති පෙරමුණට වඩා දිගු කලක් ඔවුන් තම කැරලිකාරී ප්‍රවේශය අල්ලා ගෙන සිටීමට සමත් වීම මත ඔවුන්ගේ බිහිසුණු ක්‍රියා ප්‍රමාණාත්මකව ඉහළ අගයක් ගන්නා ලදි. යුදවාදී ප්රවේශයන් සහමුලින්ම ප්‍රතික්ෂේප කරන මා මෙම ව්‍යාපාර දෙක අතර දකිනා එකම වෙනස වන්නේ වර්ගය පමණි. ඒ කෙසේ වුවත් එම ව්‍යාපාර දෙකම බිහිවූයේ අප සමාජයේ වූ තත්ත්වයන්ට අනුකූලව මිස ඕපපාතිකව නොවන බව අප වටහා ගත යුතුය. එම ව්‍යාපාර දෙකම සමන්විත වූයේ මෙරට අනාගතය හිමි තරුණ ප්රජාවය.
1993 ජනතා විමුක්ති පෙරමුණට නැවත මෙරය දේශපාලන වරම් හිමි වීමත් සමඟ වසරකට දෙවතාවක් ඉතා උත්කර්ෂවත් ලෙස තම මියගිය සගයන් සැමරීම සිදු කරනු ලැබේ. එම සැමරීම නැවත විජේවීරට පණ දීමක් යැයි ලෙස හෝ නැවත සන්නද්ධ අරගලයකට අර ඇදීමක් ලෙස සිතන කිසිවකුත් මා අසා නැත. 2009 කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසු දමිළ ජනයා තම මියගිය හිතවතුන් සැමරීමට ගන්නා සියලු උත්සහයන් පසුගිය රෙජීමය මෙන්ම ප්‍රජාත්‍රන්ත්‍රවාදය දෙනවා යැයි කිය බලය ගත් මෙම රෙජීමයද ඉතා නින්දිත ලෙස ව්‍යාර්ථ කරන ලදී. ගැලරිය පිනවන වාර්තා කරනයේ නියැලෙන මාධ්‍ය විසින් මෙම සැමරීම හඳුන්වා දෙන ලද්දේ කොටි නැගිටීම් ලෙසය.
මෙය අප වටහා ගත යුත්තේ කෙසේද? දකුණේ මිනිසුන් බුක්ති විඳිනා අයිතිය උතුරට අකැපද? අප මෙහිදී වටහා ගත යුත්තේ කෙනෙක් මිය ගිය පසු එම පුද්ගලයා ත්රස්ත්රවාදියකු හෝ කවරකු වන්නේ අනෙකාටය, ඔවුගේ පවුල්වල හා හිතවතුන් හට ඔවුන් එසේ නොවේ. එම මියගිය පුද්ගලයා සැමරීම කිසි ලෙසකින් වත් එම මතවාදය පිළිගැනීමක් ලෙස බාරගැනීම ඉතා මුග්ධ ක්‍රියාවකි. මෙවැනි ක්‍රියා තුළින් අපට පෙන්නුම් කෙරෙන්නේ සංහිදියාවට අප කිසි ලෙසකින් වත් ළඟාවීමට සූදානම් නැති බවය. තම මිය ගිය අයකු පවා සැමරීමට ඉඩ නොදෙන තත්ත්වය අප තවදුරටත් ඔවුන්ට වෙන්වී යාම සාධාරණය කරන්නකි.
කසුන් ප්‍රනාන්දු
ෙමාරටුව